The Great Flood අවුල් ලිහා ගමු.
Netflix එකෙන් රිලීස් වුණ The Great Flood කියන Korean ෆිල්ම් එක ගැන ගොඩක් දෙනෙක් හරියට තේරුම් ගත්ත බවක් පේන්න නොතිබුණ නිසා මං හිතුවා ඒ ගැන පැහැදිලි කිරීමක් මේ විදිහට අරන් එන්න. මොකද සමහරු කියලා තිබ්බ මේක එයාලට තේරුනේ නෑ, මේක මහ වැඩකට නෑ, වෙලාව නාස්තියක් වගේ දේවල් ගොඩක්. ඉතින් හැමෝම හරිබරි ගැහිලා කියවලා බලන්නකෝ ඔයාලට අන්තිම වෙද්දි තේරෙයි මේක කොච්චර ලස්සන සංවේදී කතාවක්ද කියලා. අම්මා කෙනෙක්ගෙයි එයාගේ දරුවායි අතර තියන සම්බන්ධය කොයි තරම් ප්‍රබලද මිනිස් හැගීම් කියන්නේ කොයි තරම් ප්‍රබල සහ වටිනා දෙයක් ද කියලත් ඔයාලා වටහා ගනීවි කියලා මන් හිතනවා. එහෙනම් හැමෝටම ආදරෙන් කියන්න කැමති ඔයාලා බලන් හිටිය Explanation එක මේ...
SPOILER WARNING - මේක කියවන්න කලින් අනිවාර්යයෙන්ම Netflix එකේ ෆිල්ම් එක බලලම ඉන්න.
පළමු කොටස: මහා ගංවතුර (The Great Flood)
කතාවේ ආරම්භය සහ මූලික ප්ලොට් එක මේකයි: පාලනය කරගන්න බැරි මහා ගංවතුරක් ඇවිත් තට්ටු ගානක් උස බිල්ඩින් වල පවා අන්තිම උඩ තට්ටු වලටම වතුර පිරෙනවා. මේ වෙලාවේ අන් නා (Anna), එයාගේ පුතා ජා-ඉන් (Ja In) එක්ක මේ ලෝක විනාශයෙන් බේරෙන්න උත්සාහ කරනවා.
දෙවෙනි කොටස: කතාවේ හැරවුම (Turning Point)
ආයෙත් කියනවා SPOILER WARNING - ෆිල්ම් එක බලලා ඉවර අය විතරක් කියවන්න. මොකද මේ කොටස ෆිල්ම් එක බැලුවට පස්සෙත් තේරුණේ නැති අයට ගයිඩ් එකක් විතරයි
කතාවේ මැදකදි එළිවෙනවා 'ජා-ඉන්' (Ja In) කියන්නේ ඇත්ත ළමයෙක් නෙවෙයි කියලා. එයා අන් නා සහ එයාගේ පරීක්ෂණ ප්‍රධානිතුමිය එකතු වෙලා හදපු 'Emotion Engine'(මේ ගැන ඉස්සරහට කියන්නම්.) එකේ ප්‍රතිඵලයක් විදිහට හැදුණු AI මොඩල් එකක්. මොනවා AI එකක් නම් එයාට ඇගක් තියෙන්නේ කොහොමද?
සමහරුන්ට කතාව පැටලෙන්න මේකත් එක හේතුවක්. මේ කතාවේ හැටියට කෘත්‍රිම ව මනුස්ස ශරීර හදන්න පුළුවන් තරමට තාක්ෂණය දියුණුයි. හැබැයි ඒ හදන ශරීර වලට හැගීම් දැනීම් දෙන්න විදිහක් තමා නැතුව තිබ්බේ. එහෙම වෙලා තියෙද්දී තමයි අන් නා සහ එයාගේ ප්‍රධානිතුමිය එකතුවෙලා මේ පරික්ෂනය කරන්නේ.
හරි මොකක්ද එතකොට මේ EMOTION ENGINE කියන්නේ?
සරලවම කිව්වොත්, AI වලට(කෘත්‍රිම බුද්ධියට) මිනිස්සුන්ට වගේම හැඟීම් දැනෙන්න සලස්වන ප්‍රෝග්‍රෑම් එකක්.
කතාවේ සිදුවීම් පෙළ (PLOT ORDER)
1. ජා-ඉන්ව (AI) නිර්මාණය කරලා Emotion Engine එකේ ටෙස්ට් එකක් (Test subject) විදිහට පාවිච්චි කරනවා.
2. අන් නා ජා-ඉන්ව තමන්ගේම දරුවෙක් වගේ හදාගන්නවා.
3. ඊටපස්සේ මනුස්ස වර්ගයා වඳ වෙලා යන මට්ටමේ මහා ගංවතුරක් (The Great Flood) එන්න පටන් ගන්නවා.
4. ඒකෙන් කොහොමහරි බේරිලා උඩම තට්ටුවට ආවාම ජා-ඉන් අයිති සමාගම ඇවිල්ලා ජා-ඉන් ගෙ Memory එක විතරක් ගලවලා අරන් අන් නා එක්ක යවනවා. (යවන්න කලින් අන් නා ජා-ඉන්ට රහසක් කියනවා. මේ රහස ඉස්සරහට ගොඩක් වැදගත්.)
5. Rooftop එකේදි හී ජෝ (අන් නා සහ ජා-ඉන් ට උදව් කරපු පිරිමි කෙනා) වෙඩි තියලා මරනවා.
6. අන් නා Emotion Engine එකේ වැඩ ඉවර කරන්න අභ්‍යවකාශයට යනවා, හැබැයි ඒ යන අතරතුර එයා යන යානයට උල්කාපාත කොටසක් වදිනවා.
7. අන් නා කැමති වෙනවා එයාගේ මතකයන් (Memories) වෙන් කරල අරන් Emotion Engine එකට ඉගෙන ගන්න උදව් කරන්න (Test subject එකක් වෙන්න). (මේකෙන් වෙන්නේ ඇත්ත අන් නා මැරිලා එයාගේ මතකය විතරක් AI එකකට දීලා ඒ මතකය ඇසුරින් අලුත් අම්මා කෙනෙක්ට වෙන්න සුදුසු විදිහේ AI එකක් හදන එක. මොකද ඒ වෙද්දිත් AI වලින් හැදුණු හොදට මනුස්ස හැගීම් තියන පුතෙක් [ජා-ඉන්] හදලා ඉවර වෙලා තිබ්බේ. ඒ නිසා දැන් ඕනේ වෙන්නේ ඒ පුතාට හරියන අම්මා කෙනෙක්.)
Test Subjects සහ එයාලගේ මතකයන්:
• අන් නා - අම්මා
• ජා-ඉන් - පුතා
මෙතන ඉඳන් තමයි ෆිල්ම් එකේ දෙවෙනි කොටස පටන් ගන්නේ. අන් නා ජා-ඉන්ව හොයාගන්නකම් මේ දෙන්නා මිනිස්සු විසින් නිර්මාණය කරපු සිමියුලේශන් එකක තියන Time Loop එකක හිරවෙලා ඉන්නේ. හැබැයි එයාලා එහෙම එකක ඉන්නේ කියලා එයාලා දන්නේ නෑ. එයාලට ඒක ඇත්තක් වගේ තමා පේන්නේ. (සිමියුලේෂන් කියන්නේ කොහොමත් එහෙම එකක් තමා. ඔයාලා Matrix ෆිල්ම් සෙට් එක බලලා තියනවා නම් මන් කියන එක හොඳටම තේරෙයි.)
TIME LOOP එක:
මේ ෆිල්ම් එකේ දෙවැනි කොටස හරියට Time Loop එකක යන ගේම් එකක් වගේ. චරිතය "මැරෙන" හැම පාරම ආයේ මුල ඉඳන් පටන් ගන්නවා (Checkpoint එකකට යනවා). හරියට ගේම් එකක මිෂන් එක කම්ප්ලීට් කරනකම් Main Character එක මැරෙන මැරෙන සැරයක් ගානේ ආයේ ආයේ Respawn වෙනවා වගේ.
අන් නා ගෙ ඇඳුමේ තියෙන නම්බර් එකෙන් කියන්නේ එයා කී වැනි පාරටද මේ දේවල් රිපීට් කරන්නේ කියන එක. ඔයාලට මතක ඇති අන්තිම අන් නා ගෙ Tshirt එකේ අංකේ තියෙන්නේ 21499. ඒ කියන්නේ ඒ වෙද්දි අන් නා ගෙ මතකය තියන AI Model එක එකම ප්‍රෝග්‍රෑම් එක 21499 වතාවක් Run වෙලා කියන එක.
ඇයි මේගොල්ලෝ LOOP එකක ඉන්නේ?
සරලම උත්තරේ තමයි AI එකට ඉගෙන ගන්න (AI Learning) කියන එක. AI එකක් එකම දේ ආයේ ආයේ කරලා (Patterns බලලා), වැරදි හදාගෙන දැනුම (General Knowledge) එකතු කරගන්නවා. මේක තමයි අද පවා AI වලට දේවල් උගන්වන ක්‍රමය. ඔයාලා හිතන්නේ Chatgpt අපි අහන අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කොහෙන් ඉගන ගත්තා කියලද? එයා ක්ෂණයක් ක්ෂණයක් ගානේ මේ විදිහට දාස් ගානක් ලක්ෂ ගානක් කෝටි ගානක් දේවල් මේ මොහොතේදී පවා ඉගන ගන්නවා.
මේ කතාවේ මොඩල් එකේ නම "Emotion Engine" නිසා මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ AI එකට මිනිස් හැඟීම් (Human emotions) ගැන හරියටම උගන්වන එක. අන් නා අර අනිත් අසල්වැසියන්ට උදව් කරන සීන් (ගේම් එකක Side quests වගේ) වගේ දේවල් වලට ඇත්තම අන් නාට උත්තර හොයාගන්න බැරි උනත් අන්තිමට ඒ දේවල් වලට පවා මේ AI අන් නා උත්තර හොයා ගන්නවා. (උදා: අර ලිෆ්ට් එකේ හිර වුණු ජි සූ කියන පොඩි ගෑනු ළමයාව ඇත්තම අන් නා ට බේරා ගන්න බැරි වුණත් AI අන් නා අන්තිමට එයාව බේරගන්නවා. ආයේ අර බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනාට උදව් කරනවා....)
ඒ නිසා මේකෙන් ඉගෙන ගන්නේ හැඟීම් විතරක් නෙවෙයි, ප්‍රශ්න විසඳන හැටිත් (Problem solving) ඉගෙන ගන්නවා. අර රිපීට් වෙන වාර ගාණෙන් පේන්නේ AI එක කොච්චර සංකීර්ණ වෙන්න පුළුවන්ද කියන එක. (මං කලින් කීවත් වගේ Chatgpt, Gemini වගේ AI ඉගෙන ගන්නෙත් LLM[Large Language Models] හරහා මේ වගේ තමයි).
සාරාංශයක් විදිහට:
පළමු කොටසෙ ඉන්නේ ඇත්තම අන් නා (මනුස්ස) සහ ජා-ඉන් (AI පුතා).
දෙවෙනි කොටසේ ඉඳන් අන්තිම වෙනකම් යන්නේ අන් නා සහ ජා-ඉන්ගේ මතකයන් විතරයි (ඇත්ත ශරීර නෑ), එයාලා Emotion Engine එකේ ටෙස්ට් සබ්ජෙක්ට්ස්ලා විතරයි. මේ වෙද්දි අන් නා විදිහට අපිට පෙන්න ඉන්නේ මනුස්සයෙක් නෙවෙයි, නමුත් ඒ සිදුවීම් නැවත නැවත සිද්ධ වෙන එකෙන් සහ අවසානයෙන් පෙන්නන්නේ Emotion Engine එක කොහොමද ආපහු "මනුස්සයෙක් වගේ දැනෙන්න" ඕන කරන හැඟීම් ටික හරියටම ඉගෙන ගත්තේ කියන එකයි.
මං අර කලින් කිව්ව රහස ඔයාලට මතකද? අන්තිමටම ආයේ වතාවක් Loop එක Restart වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අන් නා පරිපූර්ණ අම්මා කෙනෙක් වෙන්නේ මේ රහස නිසා. ඇත්තටම මනුස්ස අන් නා එයාගේ පුතාට කීව රහස තමයි "අම්මා ඔයාව බේරගන්න ආයේ එනකන් අර පේන කබඩ් එකේ හැංගිලා ඉන්න." කියන එක. එකයි Loop 21498ක් යනකම්ම කිසිම කෙනෙක්ට ජා-ඉන් ව හොයා ගන්න බැරි වෙන්නේ. අන්තිමට ආයේ මුළු system එකම Restart වෙන්න මොහොතකට කලින් AI අන් නා මේක තේරුම් ගන්නවා. ඒ නිසා තමයි එයාට අර සෙබලුන්ගෙන් බේරිලා ආයේ පුතා ගාවට යන්න පුළුවන් වෙන්නේ. ඇත්තම අම්මයි ඇත්තම පුතයි බවට ඒ දෙන්න අන්තිමටම පත් වෙනවා. (අහ් කියන්න අමතක වුණානේ මේ හැම වටයකම සහ ඇත්තටම ගංවතුර ආව අවස්ථාවේ පවා ඉන්නේ එකම පුතෙක්[ඇත්තටම කියනවා නම් එකම AI එකක්] ඒ නිසා තමා එයා හැම loop එකකදීම එකම චිත්‍රෙ අදින්නේ.)
මේ වගේ Geek ලෝකෙ අලුත්ම තොරතුරු, Reviews වගේ තව ගොඩක් දේවල් ඉක්මනින්ම දැනගන්න, යාලුවෝ එක්ක බෙදා ගන්න එකතු වෙන්න අපිත් එක්ක.
#DeepDiveWithSolo • MCF • Episode 01
#TheGreatFlood #TheGreatFloodNetflix #Netflix #NetflixMovies #MovieExplained #EndingExplained #PlotTwist #AI #ArtificialIntelligence #TimeLoop #SciFi #KoreanMovie #FilmTheory #MCF #SoloPlayer
See less





Responses (0)