Film Name :- Jai Bhim
ඉන්දියාව කියන්නේ කුලේ කියන දේ ප්‍රධාන කොටගෙන කුලයෙන් අඩු ජාතියට තැනක් නොදෙන රටක්, කුලයෙන් ඉහල පුද්ගලයින් හට වන්දනා මාන කරගෙන ජීවත් විය යුතු යැයි ඉන්දීය සංස්කෘතියේ ජන මතයක් ගොඩ නැංවිලා තියෙනව ඇති....
මේ ෆිල්ම් එක මුලු ඉන්දීය අධිකරනයක් වෙනස් කරපු නඩු තීන්දුවක් ගැන පෙන්නන ඇත්ත කතාවක් මත පදනම් වූ ෆිල්ම් එකක්... 1993 වර්ශයේදි K.Chandru නම් නීතිඥවරයා විසින් Rajakannu ගේ නඩුව විමසූ අතර එහිදි බොරු හේතුවකට Rajakannu නැමති කුලයෙන් අඩු තරුනයාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඉතාමත්ම කුරිරු වධහිංසන ලබා දී අතුරුදහන් වීම සම්බන්ධව ඔහුගේ බිරිද ඉදිරිපත් කල පැමිනිල්ලකට අනුව ඇය වෙනුවෙන් කරුනු ඉදිරිපත් කර විමසූ නඩුව පිලිබදව මෙහි ඇතුලත් වේ.
මෙම ඇත්‍ත කතාව සම්බන්ධ කරගනිමින් දෙමල නලු Surya ප්‍රධාන චරිතයෙන් නැත්තම් K.Chandru චරිතය රග දක්වන අතර, ඇත්තටම සූර්‍යගේ සුපිරිම ෆිල්ම් එකක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්, ඉමෝශනල්, ඇක්ශන් හැමදේම Next Level තිබුනු ෆිල්ම් එකක් මේක
ඇත්තටම ෆිල්ම් එක බලනකොට මාරම දුකක් දැනුනා Rajakamnu ට දෙන වධ ටික දැක්කම, පොලිසිය හදන්නෙ කොහොමහරි බොරු හේතුව පිලිගන්වන්න, ඒ වධ වලට පිලිගන්නෙ නැත්තම් වැඩකුත් නැ කියල බලන ඔයාට හිතෙයි, ඇත්තටම Rajakannu වැරද්ද පිලිගනිද, මොකක්ද උනේ ඇත්තටම ඔහුට, හිරෙන් පැන ගියාද Rajakannu ඇතුලු පිරිස.....
මේක ඇත්තටම සිදු උනු කතාවක්, එක තැනක පෙන්වනව ඒ අත්අඩංගුවට ගත් කුලයෙන් අඩු පිරිසෙ වෙනුවෙන් බලන්න එනව එක බිරිදක් (Rajakannu බිරිද නොවේ) ඇයගේ රෙදි ගලවල අමු නිරුවත්ව ගහන ආකරය දකින කොට නීතිය මේ තරම් අන්ධද කියල ඔයාට හිතෙයි.
K. Chandru නම් නීතිඥවරයා, නැත්තම් Surya පොලිසියට විරුද්ධව කතා කරනකොට මාරම බාධක ටිකක් එන්නෙ, ඉන්දියානු අධිකරනයේ ප්‍රථම වතාවට Habeas කෝප්ස් නම් නඩුවක් විමසූ අවස්තාව මෙයයි, මොකක්ද හේබියස් කෝප් කියන්නේ... පොලිසියට යන එන මන් නැති වෙන විදියට චන්දෘ ප්‍රශ්න අහකොට ෆිල්ම් එක බලන අපිට මාරම කික් එකක් එන්නේ, මොකද Rajakannu ට දුන්නු ඒ වධ ටික දකින කොට මාරම කේන්තියක් එයි ඔයලටත්....
මුලු සමාජයක් කෙනෙහිලිකම් කරන කුලයෙන් පහත්ම සෙරෙප්පු දෙකක්වත් දාගන්න තරම් වත්කමක් නැති Rajakannu ගේ බිරිද ඇයගෙ ලමයත් එක්ක තම සැමියගෙ නිර්දෝශිභාවය වෙනුවෙන් සටන් කරන ආකරය දකින කොට, තවත් ලමයෙක් බඩේ තියාගෙන ඒ ලමයගෙ තාත්තා නිවැරදි මනුස්සයෙක් කියල පෙන්වන්න ඒ කරන සටන ගැන මුලු මහත් ඉන්දිය සමාජයක් කතා කරන්න ඇති, නීතිඥවරු, උසාවිය සමග හෙට්ටු වෙලා, ගමෙ ලොකු මිනිස්සුන්ගෙ කෙනෙහිලිකම් වලින් බැට කාලත් අතහරින්න නැතුව නිර්දෝශිභාවය වෙනුවෙන් සටන් කරපු කාන්තවක් තමා sangeni කියන්නේ..
මේක මාරම කතාවක්, හිතාගන්න බැරි කුතුහලය, වයිරය, දුක හැමදේම ඔයාට නොඅඩුව දෙන අතිවිශිශ්ටතම සිනමා නිර්මාණයයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්, අවසානය ඇත්තටම නෙතට කදුලකින් අවසන් කරන්න පුලුවන් නඩු තින්දුවක් කියල මේක නම් කරන්න පුලුවන්
එහෙනම් Jai Bhim නම් සුපිරිතම ෆිල්ම් එක අරන් බලන්න
ඉන්දියන් සිනමා විචාර #5න් මුන ගැසෙමු..





Responses (0)