MCF Recommendation එකෙන් අද අරන් එන්නේ මලයාලම් සිනමාවෙන් බිහිවුණ, හැමදාම බලන්න පුළුවන් පට්ටම ලස්සන "Evergreen" රොමෑන්ටික් කොමඩි මූවී එකක්..........
සාමාන්‍යයෙන් ආදර කතාවල කොල්ලා කෙල්ල පස්සේ යනවා දැකලා තිබ්බට, මේකේ තියෙන්නේ කෙල්ලෙක් තමන්ගේ "ක්‍රෂ්" එක පස්සේ අවුරුදු ගාණක් යන ලස්සනම ලස්සන කතාවක්
ස්ටෝරිය ගැන කිව්වොත්,
කතාව යන්නේ පූජා මැතිව් (Nazriya Nazim) වටා. පූජා කියන්නේ ටිකක් දඟ, හිතුවක්කාර ඒ වගේම කෙලින් වැඩ කරන කෙල්ලෙක්. ඇය ඉස්කෝලේ යන කාලෙදීම ඇයට වඩා වයසින් වැඩි ගිරි (Nivin Pauly) ට ආදරය කරන්න පටන් ගන්නවා....
ගිරි කියන්නේ ගමේ හැමෝම ගරු කරන, සමාජ සේවයට බර, මාරම "Gentle" චරිතයක්....පූජා තමන්ගේ ආදරය ගිරිට ප්‍රකාශ කළත්, ගිරි ඒක ප්‍රතික්ෂේප කරන්නේ ඇය තවම කුඩා දරුවෙකු ලෙස සලකමින්. හැබැයි පූජා අතහරින්නේ නෑ......
ඇය ඉස්කෝලේ කාලේ ඉඳන් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලය දක්වාම අවුරුදු ගණනාවක් මේ ආදරය හිතේ තියාගෙන ඉන්නවා. මේ සීන් එක තමා කතාවේ හැරවුම් ලක්ෂය වෙන්නේ.......
මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමා මේක පූජාගේ දෘෂ්ටිකෝණයෙන් කතාව කියන එක. නස්රියාගේ රංගනය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ, ඇගේ ඒ කියුට් දඟකාරකම් නිසා මුළු ෆිල්ම් එකම මාරම ලස්සනයි. නිවින් පෝලිගේ ඒ කාලේ තිබ්බ "පට්ටම ලුක්" එකයි, බැක්ග්‍රවුන්ඩ් මියුසික් ටිකයි එකතු වුණාම හිතට මාරම සහනයක් වගේම ඒ ලස්සන ආදර කතාව අපිව වෙනමම ලෝකයට අරන් යනවා වගේ දැනෙනවා....
පූජාගේ අවුරුදු ගණනාවක බලාපොරොත්තුව ඉෂ්ට වෙයිද? ගිරි කවදාහරි පූජාට ආදරය කරයිද? නැත්නම් මේ දෙන්නා දෙපැත්තකට වෙයිද?
ඔයා "Feel-good" සහ "Pure Romance" මූවීස් වලට ආස කරන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම බලන්න ඕන, කවදාවත් පරණ වෙන්නේ නැති සුපිරිම මලයාලම් චිත්‍රපටයක් තමා මේක....
Film Name:- Ohm Shanthi Oshaana (2014)
#MCF #SensithaMCF #ProfessorMCF #MCFRecommendation
See less





Responses (0)