MCF Recommendation එකෙන් අද අරන් එන්නේ මලයාලම් සිනමාවෙන් ආපු, බලන කෙනාව හුස්ම හිරවෙන මට්ටමට කුතුහලයේ කෙළවරටම අරන් යන සුපිරිම "Survival Thriller" එකක්.......
Varathan කියන්නේ සාමකාමීව ඉන්න උත්සාහ කරන මිනිහෙක්ව කෙළවරටම තල්ලු කළාම එයා කොයි වගේ දරුණු වෙන්න පුළුවන්ද කියලා පෙන්වන පට්ටම ෆිල්ම් එකක්
ස්ටෝරිය ගැන කිව්වොත්,
කතාවේ ප්‍රධාන වැඩ්ඩා විදිහට ෆාහද් ෆාසිල් (Fahadh Faasil) අබී විදිහටත්, ඓශ්වර්යා ලක්ෂ්මි (Aishwarya Lekshmi) ප්‍රියා විදිහටත් පට්ටම රංගනයක් දෙනවා. ඩුබායි වල රස්සාව නැති වුණාට පස්සේ අබී තමන්ගේ බිරිඳත් එක්ක ඇගේ ගමේ තියෙන වත්තක පරණ බංගලාවකට එන්නේ ටික කාලයක් නිදහසේ ඉන්න බලාගෙන. හැබැයි ඒ ගමේ ඉන්න සමහර අමුතු මිනිස්සුන්ගේ හැසිරීම් සහ ඔවුන් ප්‍රියා දෙස බලන විදිහ නිසා මේ දෙන්නට ඒ පරිසරය මාරම අසහනකාරී එකක් වෙනවා.....
මේ ගම්මුන්ගේ කරදර දවසින් දවස වැඩි වෙද්දී සහ ඔවුන් මේ යුවළගේ පෞද්ගලිකත්වයට හානි කරද්දී, අබී ඒ හැමදේම ඉවසගෙන ඉන්න උත්සාහ කරන එක තමා කතාවේ මුල් භාගයේ දකින්න ලැබෙන්නේ,
නමුත් එක්තරා දරුණු සිදුවීමක් නිසා අබීගේ ඉවසීමේ සීමාව පනින එක සහ එතැන් සිට ඔහු දියත් කරන ඒ බියකරු පලිගැනීම තමා කතාවේ හැරවුම් ලක්ෂය වෙන්නේ. මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය තමා ඒකේ තියෙන "Mass" ගතිය.
අධ්‍යක්ෂ Amal Neerad ගේ සුපිරි සිනමාරූපණය සහ පසුබිම් සංගීතය නිසා ෆිල්ම් එකේ අවසාන විනාඩි 20-30 ඔයාගේ ඇඟේ ලේ රත් කරනවා ෂුවර්. ෆාහද් ෆාසිල් සාමකාමී මනුස්සයෙක්ගේ ඉඳන් දරුණු "Varathan" (පිටස්තරයා) කෙනෙක් දක්වා මාරු වෙන විදිහ නම් සිරාවටම පිස්සු හැදෙනවා.
අබී තමන්ගේ බිරිඳව සහ තමන්ගේ ගෞරවය බේරගන්න ඒ මුළු ගමටම එරෙහිව සටන් කරන්නේ කොහොමද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඔයා "Straw Dogs" වගේ හෝම් ඉන්වේෂන් (Home Invasion) වර්ගයේ ඇක්ෂන් ත්‍රිලර් වලට ආස නම්, මලයාලම් සිනමාවෙන් ආපු මේ සුපිරිම වැඩේ අනිවාර්යයෙන්ම බලන්න!
Film Name:- Varathan (2018)
#MCF #Avishka_Chamod #SensithaMCF #ProfessorMCF #MCFRecommendation
See less





Responses (0)